Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Search


Tuesday, September 3, 2013

Last Resort

 ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. U.S.S. කොලරාඩෝ කියන සබ්මැරීනය න්‍යෂ්ටික අවි 18 කින් සන්නද්ධ නාවුකයන් 150 ක් සිටින තමාගේම වාතය සහ විදුලිය උපදවා ගන්න ප්‍රබල යාත්‍රාවක්. මෙහි කපිතාන් තමයි මාර්කස් චැප්ලින්. ඔහුගේ දෙවනියා සෑම් කෙන්ඩල්. ඔවුන්ට අත්ලාන්තික් ජාලය හැරලා නියෝගයක් ලැබෙනවා පකිස්ථානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න. නමුත් ඔවුන්ට අණ ලැබුණු ජාලය පිළිබද සැකය නිසා ඔවුන් සාමාන්‍ය ක්‍රමය වන වොෂින්ටන් හරහා ඒ අණ නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් ඒ වෙනුවට ඔවුන්ගේම යාත්‍රාවක් වන ඉලිනොයිස් විසින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ප්‍රහාරයෙන් ගැලවෙනවා. නමුත් මේ කොලරාඩෝ සබ්මැරීනයට පකිස්ථානය විසින් පහර දුන් බව තමයි පෙන්ටගනය පවසන්නේ. ඒ නිසාම ඔවුන් පකිස්ථානයට පහර දෙනවා. ප්‍රහාරයෙන් ගැලවෙන කොලරාඩෝ සබ් එක සැන්ටා මරිනා දුපතට ගොස් එහි ඇති නේටෝ නිරික්ෂනය මධ්‍යස්ථානයේ පාලනය අතට ගන්නවා. ඔන්න ඔහොම තමයි කතාව පටන් ගන්නේ. ඉතින් මොවුන්ට තමන්ගේ ඇමෙරිකානු හමුදාවෙන් කරන ප්‍රහාර වලින් දිවි ගලවා ගන්න පුළුවන් වේවිද. ඒ ගැන දැන ගන්න කතාව බලන්න වෙයි.
                                                                          Series Finale 

No comments:

Post a Comment