Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Search


Saturday, September 7, 2013

                         Thalaivaa (2013) | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]

 

ඔන්න අද මම  දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. Thaandavam 2012, Madrasapattinam 2010 වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මොහු විසිනුයි.සන්තානම්ගේ විකට චරිතය නිසා චිත්‍රපටයට තවත් රසයක් එක් වී තිබෙනව.

චිත්‍රපටය ආරම්භ වන්නේ බොම්බායේ දරාවී ප්‍රදේශයේ ඇතිවන කලබයක් සමඟයි. ඒ මහාරාශ්ත්‍ර වැසියන් සහ සංක්‍රමණික දෙමළ වැසියන් අතරයි. මෙයට හේතුව දරාවී වල බොම්බායේ රජා ලෙස සැලකෙන පුද්ගලයා ඝාතනය වීමයි. පසුව රාමදුරායි නම් දේශීය කුලී කරුවෙක් තම ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මේ සඳහා ඔහු තම පුතා වන විශ්වාව වෙනත් අයෙකුට බාර කරනවා එම නගරයෙන් ඔහුව රැගෙන යන ලෙස. පසුව විශ්වා උස් මහත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු වැඩිමහල් වීමෙන් පසු මිරා නම් තරුණියක් සමඟ ආදරයෙන් වෙලීමට පටන් ගන්නවා. මෙම සම්බන්ධය දුර දිග යාමෙන් පසුව මීරා සහ ඇයගේ පියා විශ්වාගේ දෙමාපියන් හමුවීමට යාමට අවශ්‍ය බව පවසනවා. නමුත් විශ්වා තමන්ගේ ගෙදර සිදුවන දේවල් ගැන කිසිවක් දන්නේ නැහැ.

කෙසේ හෝ ඔහු හදිසියේම ඉන්දියාම පැමිණෙනවා. එවිට ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ පියා ජීවත් වන්නේ කෙසේද කියා. විශ්වාගේ පියාව මිනිසුන් හඳුන්වන්නේ අන්නා ලෙසින්. කෙසේ හේ අන්නා සහ අනෙකුත් දේශාපාලකයින් සහ මැරයින් අතර නිතර නිතර ගැටුම් සිදුවන නිසා මීරාගේ පියා විශ්වාට කැමති වන්නේ නැහැ. හදිසියේම කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදු වනවා. මේ සිදුවීම විශ්වාගේ ජීවිතයම වෙනස් කිරීමට සමත් වනවා… මෙච්චරයි මම කතාව ගැන කියන්නෙ. මොකද මෙය කුතුහලය සපිරි නැරඹිය යුතුම කතාවක්.

විශ්වාගේ පියාට අවසානයේ කුමක් සිදුවේද? විශ්වා පෙම් බඳින මීරා හැබෑවටම විශ්වාට ආදරෙයිද? ඇය කවුද? පසුව විශ්වාගේ ජීවිතයේ සිදුවන නොසිතූ විරූ වෙනස කුමක්ද? .. මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. හැමෝම චිත්‍රපටය රස විඳින්න.

 

                                           සිංහල උපසිරැස බයිස්කෝප් සිංහලෙන් වෙතින්

                         සිංහල උපසිරැසි මෙතනින් බාගන්න 

No comments:

Post a Comment